අභ්‍යන්තර කටයුතු ඒකකය

අප පිළිබඳ

ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් නිකුත් කරන ලද අංක PS/SB/Circular/2/2025 දරණ චක්‍රලේඛයට අනුකූලව රාජ්‍ය නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය තහවුරු කිරීම හා ශ්‍රී ලංකාවේ දුෂණ විරෝධී ප්‍රයත්නය ඉදිරියට කරගෙන යාම අරමුණු කරගනිමින් අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකය (Internal Affairs Unit – IAU), 2026 ජූලි 22 දින ස්ථාපිත කරන ලදී.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය තුළ  විනිවිදභාවය, වගවිම සහ සුපිළිපන්නභාවය පෝෂණය කරන සංස්කෘතියක් නිර්මාණය කර, රජයේ සේවාවන් සියලුම පුරවැසියන්ට ඵලදායී ලෙස සැපයීම සඳහා මෙම අභ්‍යන්තර කටයුතු ඒකකය ස්ථාපිත කර ඇත.

අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ සුපිළිපන්නභාවය ප්‍රවර්ධනය කිරීම, සැක සහිත අක්‍රමිකතා සම්බන්ධයෙන් තොරතුරු හා පැමිණිලි ලබා ගැනීම සහ අදාළ නීති, රෙගුලාසි හා ස්ථාපිත ක්‍රියාපටිපාටිවලට අනුකූලව අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා සහාය වීම මෙම ඒකකය මඟින් සිදු කරනු ලබයි.

අරමුණු

අභ්‍යන්තර කටයුතු ඒකකය පහත සඳහන් කරුණු සඳහා කැපවී කටයුතු කරයි.

  • ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම
  • ආයතනයේ සියලුම ක්‍රියාකාරකම්වල විනිවිදභාවිය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික ක්‍රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්‍රවේශය සහතික කිරීම
  • ආයතනය තුළ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම
  • විෂමාචාර වාර්තා කිරීම දිරිගැන්වීම, තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම
  • නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහය වීම

සංයුතිය

නම

අභ්‍යන්තර කටයුතු ඒකකයේ තනතුර

නිත්‍ය තනතුර

01

ආර්.ජී.ටී.නයනතරා මෙය

අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානියා

සහකාර ප්‍රාදේශීය ලේකම්

02

සී.ඩී.රත්නායක මිය

ආයතනයේ සුපිළිපන්න නිලධාරියා

ගණකාධිකාරී

03

වත්සලා ගුරුගේ මිය

සාමාජික

නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන)

04

ජානකී සුමනසේකර මිය

සාමාජික

පරිපාලන නිලධාරී

05

එච්.කේ.එන්.එස්.ජයසේකර මයා

සාමාජික

පරිපාලන ග්‍රාම නිලධාරී

 

 

දුරකථන අංකය: 0912224043

වට්ස්ඇප් අංකය: 0707224043

විද්‍යුත් තැපෑල: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සබැඳිය: https://iaum.presidentsoffice.gov.lk/complaints/qr-form/NWIYC

 

QR කේතය

News & Events

12
ජූනි2023
2025 Made_In_Sri Lanka  සන්නාමය

2025 Made_In_Sri Lanka සන්නාමය

ව්‍යවසායකත්ව ක්ෂේත්‍රවල සිටින ව්‍යවසායකයින් 45 දෙනෙකු  හට...

Scroll To Top